මහත් කේන්තියකින් හා පියවි ඇසට නොපෙනෙන වේගයකින් කේන් කරාබුව තම අතෙහි දරාගෙන නැගී සිටියේය. නොකළ වරදකට තමාව හසු කළ මිනිසා වන නතානියෙල් දෙස බැලූ කේන්, අවට අන්ධකාරය සළුවක් මෙන් තමා වටා එක්රැස් කොට ඒ තුල නොපෙනී ගියේය.
කේන් හුස්ම පහතට හෙළා එය තුනී මීදුමක් මෙන් සුළඟට ගසාගෙන යාමට පෙර තමා ඉදිරිපිට තිබෙනු බලා සිටියේය. ඔහු පසුගිය දස වසර ගත කළේ රටින් රටට, මහාද්වීපයෙන් මහාද්වීපයට යමින් වසර තිහක සිර දඬුවම විඳින කාලය පුරා ඔහුට අහිමි වූ සෑම දෙයක්ම ඉගෙන ගනිමිනි.
වනාන්තරයේ ගසක් තුළ කුහරයක සැඟවී සිටි සුදු පැහැති යෝර්කි බලු පැටියෙකුගෙන් පටන් ගෙන ඔහු සෙමෙන් සෙමෙන් ඔහුගේ ශක්තිය නැවත ගොඩ නංවා ගත්තේය. එය කිසියම් කෙනෙකුගේ සුරතල් සතෙකු වූ අතර එවැනි දෙයක් කිරීම ගැන ඔහුට පසුතැවීමක් දැනුනද තමන්ව පෝෂණය කොට ශක්තිමත් වීමේ අවශ්‍යතාවය, ඔහු කල වරදට වඩා බලවත් විය.
බලු පැටියාව අයිති වූයේ තමාව නිදහස් කළ දරුවාට බව ඔහුට හැඟුනේ ඌගෙන් පෝෂණය වීමෙන් පසුවය. කුඩා ලොම් බෝලය තුළ තවමත් ජීවිතය සුළු වශයෙන් දැනෙමින් තිබුන බව දැන ඔහු කළේ නරකම දෙයකි. තමාගේම මැණික් කටුව සපා කෑ කේන්, බල්ලාගේ රෝස පැහැති දිව මතට ලේ බින්දු කිහිපයක් බලෙන් මිරිකා හැරී අතර පසුව ඔහු කරන්නේ කුමක්දැයි කල්පනා කරමින් බලු පැටවාව බිම තැබුවේය. එය කිසි විටෙකත් සිද්ධ නොවනු ඇත… එසේ වේද?
ඇය ඔහුගේ ජීවිතය දෙවරක් බේරා ගෙන තිබෙන නමුත් ඒ බව පවා නොදැන සිටියාය. ඔහුගේ මතකයේ තැන්පත්ව තිබූ ඇයගේ බියට පත් කටහඬ, තවමත් ඔහුව ගැඹුරු නින්දෙන්