සඳ නර්තනය (රුධීරයේ බැඳීම පොත් අංක එක). Amy Blankenship. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Amy Blankenship
Издательство: Tektime S.r.l.s.
Серия:
Жанр произведения: Ужасы и Мистика
Год издания: 0
isbn: 9788835429500
Скачать книгу
ආධිපත්‍ය පතුරවා ගත් කෙනෙකු මෙන් දිස්වූවාය.

      "අපොයි, අපි ලේ බොන්න වගෙයි, එහෙම නේද?" චැඩ් ඇහි බැම හකුළුවමින් ඇය දෙස බලමින් ඇසුවේය. ඇයගේ සුරක්ෂිතතාව උදෙසා රාත්‍රි ගමන අවලංගු කර නැවත ඇගේ කාමරයට යනමෙන් ඉල්ලා සිටීමට ඔහුට සිත්දුනි.

      “හොඳයි, මම තීරණය කළා,” එන්වී තම සියුම් ඇහි බැම ඉහළට ඔසවා කීවාය, “මම ට්‍රෙවර් ගැන හෝදිසි කරාට පස්සේ, මම විනෝද වෙන්නයි යන්නේ! මේ දැන් ඉඳන් මම එක කොල්ලෙක් එක්ක සබඳතා පවත්වන්නේ නැහැ. මට පෙම්වතෙක් එපා ... මට එයාලා ගොඩක් ඕන! එතකොට එක්කෙනක් පිස්සු විදිහට ක්‍රියා කරන කොට ඒක ප්‍රශ්නයක් නැහැ, මොකද මිනිහගේ පස්සට පයින් ගහලා මාත් එක්ක එකතුවෙන්න ලෑස්ති ඕනේ තරම් අය ඉන්නවා මට.”

      "ඔව්, ඒ දේ උසස් පාසලේදී කොච්චර හොඳින් සිදු වුනාද කියලා මට මතකයි." චැඩ් තම හිස සලමින් පැවසුවේ පෙන්වනවාට වඩා තම සොයුරිය නිර්දෝෂී බව දැනගෙනය. "සේවා ස්ථානයෙන් ඇමතුමක් ලැබුනොත් කියලා අපි මගේ වාහනය අරගමු" ඔහු වැඩිදුරටත් කීවේය.

      "මට නිල් පාට ලයිට් එක්ක සෙල්ලම් කරන්න දෙනවා නම් විතරයි," එන්වී සිනාසුනේ ඔහු ඇයට ඉඩ දෙන බව දැනගෙනය.

      චැඩ් සුසුම් හෙළා කාරය දෙසට යාමට පටන් ගත්තේය. "මම හිතන්නේ ඔයා, සෙල්ලම් බඩු කඩේක සද්ද කරන හැම සෙල්ලම් බඩුවක්ම අරගෙන සද්ද කරලා, වටේ ඉන්න හැමෝවම පිස්සු හදවන පොඩි ළමයෙක්ටත් වඩා අන්තයි කියලයි."

      "මොකක්ද?" ඇය සිනාසුණාය. "මම නිල් පාට ලයිට් වලට කැමතියි. මම ඒවා ක්‍රියාත්මක කරාම මිනිස්සු අපි ඉන්න පාරෙන් අයින් වෙනවා.”

      "අපේ කෝපි ඉවරවෙච්ච වෙලාවේ ඔයා කරා වගේද?" ඔහු ඇසුවේය. "ඒක බදු ගෙවන්නන්ගේ මුදල් නාස්ති කිරීමක් කියලා ඔයා දන්නවාද?"

      "ඔයා කටවහන්නේ නැත්නම් මම වාහනය එළවගෙන යනවා. එතකොට ඔයාට තමයි රතු ලයිට් එළියයි සයිරන් නලාවයි එක්ක කටයුතු කරන්න වෙන්නේ,” ඇය සෙල්ලක්කාර ලෙස ඇසිපිය හෙළමින් අනතුරු