සඳ නර්තනය (රුධීරයේ බැඳීම පොත් අංක එක). Amy Blankenship. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Amy Blankenship
Издательство: Tektime S.r.l.s.
Серия:
Жанр произведения: Ужасы и Мистика
Год издания: 0
isbn: 9788835429500
Скачать книгу
විය. එබැවින් ඇය නැවත ඇගේ මවට හෝ බලු පැටියාට කතා කරනවා වෙනුවට මදක් නිශ්ශබ්දව සිට ස්ක‍්‍රැපීගේ උස් හඬින් කෙරුනාවූ බිරීම පසුපස ගියාය.

       වැඩි වේලාවක් යාමට පෙර තබතාට, විනාඩියක් පමණ නතර වී ඇගේ හුස්ම අල්ලා ගැනීමට සිදුවිය. ඇය ගසකට හේත්තු වී ඇගේ අපිරිසිදු දණහිස් මත අත් තබා හුස්ම ගනිමින් වනාන්තරයේ හඬට සවන් දුන්නාය. ඇයට සැමවිටම අවශ්‍ය වූයේ කැලෑව මැද සිටගෙන රූපවාහිනියේ චිත්‍රපටවල සිටින ඉන්දියානුවන් කරන්නාක් මෙන් සවන් දීමටයි.

       මඳ වේලාවකට වෙන්ව තිබූ වැසි වලාකුළු නැවතත් එක්වී මෙතෙක් වෙලා තිබූ දීප්තිමත් සඳ එළිය හදිසියේම අතුරුදහන් විය. ඇයට තවදුරටත් කඳවුරේ තිබූ විදුලි පහන් ආලෝකය නොපෙනෙන බව දුටුවිට ඇයගේ දෑස් විශාල විය.

       අවිනිශ්චිත පියවරක් ඉදිරියට තබමින් ඇය වටපිට බැලූ නමුත් ඇය දුටුවේ අන්ධකාරය, යන්තම් හඳුනාගත හැකි ගස්වල කඳන් සහ අඳුරු සෙවනැලි පමණි. ඇයට තරමක් පිටුපසින් යම් දෙයක් ගෙරවිලි හඬක් නගමින් ඉවතට ඇදී යන විට ඇය බයෙන් ඉකිගැසුවාය. ඇය එම දිශාවට අකමැති බව තීරණය කරමින් ඇය පසුපස හැරී නොබලා දිව්වාය.

       සදාකාලයක් සේ හැඟුනාවූ කාලයකට පසුව ඇයට ස්ක‍්‍රැපීගේ බිරුම් හඬ නැවත ඇසුණු අතර, ඇය පිටුපසින් ගෙරවූ දෙය තමා පසුපස හඹා නොඑනු ඇතැයි සිතා ඇය බල්ලාගේ හඬ පැමිනි දෙසට නැවතත් දුවන්නට ගත්තාය. ඇයට තවත් ගෙරවීම් හඬක් ඇසුන නමුත් මෙවර එය ඇසුනේ ඇයගේ ගමන් මාර්ගයේ ඉදිරියෙනි.

       ඇගේ විලුඹ පොලවට තද කිරීමෙන් තම ගමන නැවැත්වීමට ඇය උත්සාහ කළ නමුත් පොලව, ලිස්සන සුළු කොළ වලින් සහ වර්ෂාවෙන් පසු ඇතිවී තිබූ මඩින් වැසී ගොස් තිබිණි. නවතිනවා වෙනුවට ඇය තවදුරටත් ලිස්සා ගිය අතර කිසිවක් කරගැනීමට නොහැකිවූ ඇය බෑවුමකින් පහළට ලිස්සී ගියාය.

       ඇය වැටී තිබුන ගසක ගැටුන විට ඇයගේ ලිස්සායාම නතර වූ අතර ඇතිවූ කම්පනයෙන් ඇයගේ හුස්ම ඇයගෙන් පිටතට විසිවිය. ඇගේ හුස්ම