සඳ නර්තනය (රුධීරයේ බැඳීම පොත් අංක එක). Amy Blankenship. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Amy Blankenship
Издательство: Tektime S.r.l.s.
Серия:
Жанр произведения: Ужасы и Мистика
Год издания: 0
isbn: 9788835429500
Скачать книгу
කළේය. ඔහු මෙතෙක් ඔවුන් සමග පැමිණ ඇති ලඟම දෙයනම්, දොරවල් වලට පහරදී මිනිසුන් යටත් කිරීමට කාලය පැමිණි විට ඒ කාර්යය කළහැකි ඔවුන්ගේ ප්‍රියතම පුද්ගලයා ලෙස අමතනු ලැබීමයි. එලෙසම එය ඔහුට ගැලපුණි. ඔහු බොහෝ දුරට, කතාබස් කරමින්, කඩදාසි අවුස්සමින් යමෙකුගේ කුණු ජරාවන් සෙවීමට උත්සාහ කරනවාට වඩා නරක මිනිසෙකුට පයින් ගැසීමට ප්‍රිය කළේය.

      අනෙක් අතට, දැන් ඔවුන්ගේ මිත්‍ර ජේසන්, එන්වී හට වඩා හොඳ පෙම්වතෙක් විය හැකිය. ඇය ජේසන් සමඟ පාසැල් ගිය නමුත් ගැටලුව එයම විය. උසස් පාසැලේදීද, නිවසේදීද ජේසන් ඇය සමග කෙතරම් සමීපව ව සිටියාද යත්, එන්වී ඔහුව සහෝදරයෙකු ලෙස සැලකුවාය ... තවත් පිරිමියෙකු ලෙස නොවේ.

      ජේසන්, පාසලෙන් ඉවත් වූ පසු කෙලින්ම ඇන්ජලීස් ජාතික වන සංරක්‍ෂක සේවයට බැඳුන අතර එතැන් පටන් එම රැකියාවම කළේය. එන්වී තවමත් ජේසන් සමඟ ඇසුරු කිරීමට ප්‍රිය කළේය. එලෙසම තබතාද, වන සංරක්ෂණ සේවයේ ජේසන්ගේ ඒකකයේම සේවය කල බැවින් ඇයට ඇයගේ හොඳම මිතුරිය වූ තබතා ද නිතර දැක ගැනීමට හැකි විය.

      චැඩ් සෝෆාවෙන් නැගිට, එන්වීගේ නිදන කාමරයේ දොරෙන් පිටත සිටගත්තේය. ඔවුන්ගේ දෙමාපියන් කාර් අනතුරකින් මිය ගියපසු පසුගිය වසර හතර තුළ ඔවුන් කාමර සගයන් වී සිටි අතර ඔවුන් දෙදෙනා කදිම පෑහීමක් විය. ඔහු පොලිස් නිලධාරියෙකු වූ අතර ඇය නගරය තුළ සමාජ ශාලා කිහිපයකම බීම පිළිගන්වන සේවය සැලසූවෙකු වුවාය.

      ඇය “සැබෑ” රැකියාවක් නොකිරීම ගැන ඔහු කිසිවක් නොකියා සිටීමට එකම හේතුව වූයේ බොහෝ රාත්‍රින්හිදී ඇය ඔහුට වඩා වැඩියෙන් මුදල් ඉපයීමයි. නිවස සඳහා කුලී ගෙවීමේදී එන්වී විසින් සාමාන්‍යයෙන් එය ගෙවන ලද අතර අනෙක් අවශ්‍යතා සියල්ල ඔහු බලා ගත් නිසා එය ඔහුට වඩාත් උචිත තත්වයක් විය.

      "මොන සමාජ ශාලාවද?" ඔහු දොරෙන් මෙපිට සිට ඇසුවේය.

      "අර අලුත් එක, සඳ රැඟුම