සඳ නර්තනය (රුධීරයේ බැඳීම පොත් අංක එක). Amy Blankenship. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Amy Blankenship
Издательство: Tektime S.r.l.s.
Серия:
Жанр произведения: Ужасы и Мистика
Год издания: 0
isbn: 9788835429500
Скачать книгу
අවධානය යොමු කළාය.

      ක්වින්ගෙන් ඇගේ මනස ඉවත් කර ගැනීමට උපකාරී වූයේ ටේසරය සම්බන්ධ ප්‍රකාශයයි. ආරම්භ කිරීමට නියමිතව තිබූ මෙම නව විනෝදාස්වාදය ගැන කැට් සිය සහෝදරයන්ට අනතුරු ඇඟවීමට තීරණය කළාය. සමාජශාලාව වටා සිදු වූ මිනීමැරුම් මාලාව සමඟ කටයුතු කිරීමේදී මෑතකදී ඔවුන්ට සෑහෙන කරදර වලට මුහුණපෑමට සිදුවිය. ඔවුන්ට වඩාත් නරක අවධානයක් යොමු වීම ඔවුන් අපේක්ෂා කළ අවසන් දෙය විය.

      චැඩ් ගරාදි වැටට මදක් නැඹුරු වී එන්වීව සොයමින් සිටියේය. දෙවියන්ට ස්තූතිවන්ත වන්නට සිර කූඩුවේ නර්තන ශිල්පීන් තවමත් එහි සිටි අතර ඔවුන්ට එල්ලකළ ආලෝක ධාරා මගින් ඇයව සොයා ගැනීම පහසු කරවීය. ජේසන්ගෙන් සිහින් කෙඳිරිගෑමක් ඇසී ඔහු ජේසන් බලා සිටි දිශාවට නෙත් යොමුකළ විට ඔහු දුටුවේ කූඩුවේ මෘදු ආලෝකය අසල පිරිමි ළමයින් කිහිප දෙනෙකු මැද ඇය නටන බවයි. ඔහු නළල රැළි ගසා, ඔහුගේ බැල්ම පටු කරමින්, ඇය කුමක් කරන්නට සැරසෙන්නේ දැයි කල්පනා කළේය.

      “අඩුම ගානේ එයා ට්‍රෙවර් දිහා බලාගෙන ඉන්නවා. කොහොම හරි, ඇමතුමට ස්තූතියි,” ඔහු බැරෑරුම් හඬකින් පැවසීය. "මේ වගේ දෙයක් වෙනකම් තමයි මම බලාගෙන හිටියේ."

      ජේසන් උරහිස් ගස්සා, “ඒක මං වෙනුවෙන් නෙමෙයි. එයා වෙනුවෙන්. මිනිහට වඩා හොඳ කෙනෙක්ට තමයි එයාව සුදුසු.” ඇය දැන් තනිකඩව සිටින බව දැනගෙන ඔහු සිනාසීමට උත්සාහ කළේය. නමුත් අනෙක් සියලුම පිරිමි ළමයින්ගේ අවධානය ඇය වෙත යොමු වීම නිසා ඔහුගේ කුඩා සිනහවෙහි දුක පිළිබඳ ඉඟියක් තිබිණි.

      2 වන පරිච්ඡේදය

      පඩිපෙළින් බැස යන විට ශාලාවේ වූ උණුසුම, තමන් වෙත දෙවෙනි සමක් මෙන් වැටෙන බව එන්වීට දැනුනි. ඇගේ දැඩිවූ මාංශ පේශි ලිහිල් කිරීමට උත්සාහ කරමින් ඇය නැටුම් බිම වෙත පියමැන්නාය. ඇය ට්‍රෙවර් සිටි දිශාවට පියවර කිහිපයක් තැබූ අතර, ඇඟිලි තුඩු මගින් තම නිරාවරණයවූ සම මෘදු ලෙස ස්පර්ශ කරනවාත්, නුහුරු නුපුරුදු