සඳ නර්තනය (රුධීරයේ බැඳීම පොත් අංක එක). Amy Blankenship. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Amy Blankenship
Издательство: Tektime S.r.l.s.
Серия:
Жанр произведения: Ужасы и Мистика
Год издания: 0
isbn: 9788835429500
Скачать книгу
ඩෙවෝන් මුමුණමින් සන්නිවේදනය කළේය.

      එය සිදුවීමට ආසන්න බව දැනගත් චැඩ් සහ ජේසන් එකිනෙකාට සිනාසෙමින් නැටුම් බිම වෙත යන පඩිපෙළ දෙසට පියනැගූහ.

      ට්‍රෙවර්ට හදිසියේම තේරුම් ගියේ, ඇය මෙතැනට එන බවක් එන්වී ඔහුට පවසා නොමැති බවයි. එසේ නම් ඔහුට මෙතරම් වරදකාරී හැඟීමක් ඇති වූයේ ඇයි? “ඔයා මොකක්ද මෙහෙ කරන්නේ කියලා මම ඇහුවා නේද, ඔයාගෙන්?,” ඇයට ස්පර්ශ වෙමින් ඔහු නැවත විමසූ අතර මෙවර ඔහුගේ කටහඬේ දැඩිබවක් තිබුණි. ඔහු මෙම සමාජ ශාලාව තුළට පය තැබීමෙන් පසු ප්‍රථම වතාවට ඔහුගේ ඉන්ද්‍රීය ප්‍රාණවත් වනු ඔහුට දැනුන අතර ඔහුගේ ඉකිලි ප්‍රදේශයට වැඩි රුධිර ධාරාවක් ගලාගිය හෙයින් ඔහුගේ සිතුවිලි මාලාවට බාධා සිදුවුණි.

      එන්වී ඇයගේ ශරීරය ඔහුගේ ශරීරය දෙසට තදින් තල්ලු කලේ එමගින් ඇයට ඉතා වේගයෙන් ආපසු යාමට අවස්ථාවක් ලැබෙන බැවිනි. "මම ආවේ ඔයාට දෙයක් දෙන්නයි" යනුවෙන් ඇය පිළිතුරු දුන් අතර ඔහුගේ අවධානය වෙනතකට යොමු කිරීම සඳහා නැටුම් බිමේදී තමාට දැනුණු දැඩි ආශාව ඇගේ දෑස් වෙත යොමු කළාය.

      "මම බලාපොරොත්තු වෙනවා මම හිතන දෙයම, ඔයා කියයි කියලා," ට්‍රෙවර් කෙඳිරිගාමින් කීවේ, ඇගේ අත ඔහුගේ ඉකිලි ප්‍රදේශය පිරිමදිනු ඔහුට දැනුනු බැවිනි.

      “අපි හොයලා බලමු,” කියමින් එන්වී, ඔහුගේ ඉකිලි ප්‍රදේශය වෙත තම අතවූ ටේසරය තද කළාය. ඔහු ගැහෙමින් ශබ්ද නොනගා දණින් වැටුනි. "අපොයි!" කී එන්වී, අනෙක් පස බලා පලා යාමට පෙර ටේසරය යලිත් තම සාක්කුවේ දමා ගත්තාය. ඇයට කිරීමට අවශ්‍ය නොවූ අවසන් දෙය වූයේ නැවත දෙපයින් නැගී සිටීමට ට්‍රෙවර්ට ශක්තිය ලැබුණු විට එතැන රැඳී සිටීමයි.

      එන්වී අඳුරු නැටුම් බිම හරහා යන විට, යමෙකු ඇගේ අත තදින් අල්ලා ගත්තේය. ඒ ඇයගේ සහෝදරයා යැයි සිතමින්; ඇය වහාම ඔහු දෙස හිස ඔසවා බැලුවේ නැති නමුත් විශ්වාසයෙන් ඔහු පසුපස ගියාය. තමාව රැගෙන ආ තැනැත්තා