සඳ නර්තනය (රුධීරයේ බැඳීම පොත් අංක එක). Amy Blankenship. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Amy Blankenship
Издательство: Tektime S.r.l.s.
Серия:
Жанр произведения: Ужасы и Мистика
Год издания: 0
isbn: 9788835429500
Скачать книгу
කිසිවෙකු එන්වී සෙක්ස්ටන් හට වංචා කර එයින් ගැලවුනේ නැත.

      ඔවුන් දෙදෙනා පෝලිම දෙසට ගමන් කළ අතර පෝලිම ඉතා ඉක්මනින් ගමන් ගැනීමට පටන් ගත්විට එන්වී ඉතා සතුටට පත්වූවාය. ඔවුන්ට ඇතුළට යාමට ගත වූයේ මිනිත්තු කිහිපයක් පමණි.

      දොරටුව අසල රැඳී සිටි පුද්ගලයා අර්මනි කලිසමක් සහ එයට ගැලපෙන ජැකට්ටුවකින් සැරසී සිටියේය. යටින් ඇඳ තිබූ ඔහුගේ කමිසය, ශරීරයේ හැඩයට ගැලපුන අතර ඔහුගේ ලස්සන පපුව පෙන්නුම් කළේය. ඔහුගේ දුඹුරු පැහැති කෙස් රැළි, ඔහුගේ මුහුණ දෙපසට වැටී තිබිණි. ඔහුගේ මුහුණේ කෙටි රැවුල් ගස් පෙනෙන්නට තිබූ අතර ඔහුගේ තියුණු ඇස් නියොන් ආලෝකයේ පැහැයට බැබළෙමින් තිබිණි.

      චැඩ් මුදල් ගෙවූ අතර, මිනිසා ඔවුන්ගේ අතෙහි සලකුණ මුද්‍රා කිරීමට පෙර ඔවුන් තම හැඳුනුම්පත් පෙන්වූ අතර පසුව ඔහු රතු වෙල්වට් කඹය ඔසවා ඔවුන්ට ඇතුළුවීමට අවසර දුනි. ඔවුන් ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වී කෙටි ආලින්දයක් දිගේ ඇවිද ගොස් තවත් දොරටුවක් වෙත ආසන්න වනවිට එය විවෘත විය. දෙදෙනාම ප්‍රධාන කාමරයට ඇතුළු වී නතර වූහ. එය ඇත්තෙන්ම වෙනත් මානයකට යාමක් වැනි විය.

      රථ ගාල පිරී තිබුන අන්දමට ඔවුන් බලාපොරොත්තු වූයේ කිටි කිටියේ තදවුන මිනිසුන්ය. නමුත් එය එසේ නොවීය. කාමරයේ මධ්‍යයේ කපා තිබූ දැවැන්ත සිදුරක් වෙත එන්වී ඇවිදගෙන යනවිට ඇයගේ තොල් ඇරුණි.

      ගරාදි වැට අසලට ගිය ඇය, පහත තිබූ නැටුම් බිම දෙස බැලුවාය. ඔවුන් සිටි ස්ථානයේ දෙපසටම, ප්‍රධාන බිම හරහා දිගු ඇවිදීමේ තීරුවකින් වූ අතර එහි මුළු දිග පුරා විහිදෙන ලෙස බාර් එකක් පිහිටුවා තිබුණි. බාර් එක ඝනකම් වීදුරුවලින් සාදා ඇතිබව පෙනුන අතර මෘදු නියොන් ආලෝකය ඒ හරහා වැටී තිබිණි.

      පියගැට පෙල දෙකක් ඇගේ වම් පසින් සහ දකුණු පසින් පහළට විහිදී ගොස් මැදදී හමු වී නර්තන බිම දක්වා විහිදී තිබිණි. නර්තන ස්ථානය මෘදු ආලෝකයෙන් බැබළෙමින් තිබූ අතර එමගින් නටනවුන්ගේ