"ඇයි?" එන්වී ඇයගේ අත ඔහුගේ ග්‍රහණයෙන් ඉවතට ඇද ගත්තාය. "එතකොට අයිතිකාරයන්ට කියලා මාව සමාජ ශාලාවෙන් තහනම් කරන්න පුළුවන් හින්දද?"
"එහෙම නැහැ," ඩෙවෝන්ද ඒ අදහස ගැන සිතමින් ගොරෝසු ලෙස කීවේය. "ඒ උනාට මේ රෑ පුරාම ඔය ටේසරය ඔයාගේ සාක්කුවේ තියා ගන්න වෙයි." ඇය නැවතත් රූපවාහිනී තිරය දෙස ආපසු හැරී බලනු දුටු ඔහුද එදෙස බැලූ අතර ඇයගෙන් පහර කෑ තැනැත්තා පෙනෙන්නට නොසිටි බව දුටුවේය.
‘අපරාදේ,’ යනුවෙන් තම මනසින් සුසුම්ලමින් එන්වී දොරට හේත්තු වූ අතර එහි ලී අතරින් සංගීතයේ කම්පනය ඇයට දැනුණි. ඇය බොහෝ දුර ගිය බව දැන ඇය ඇගේ යටි තොල සපා ගත්තාය. මේ රාත්‍රියේ සඳ රැඟුම වෙත පැමිණීමට තුඩුදුන් අනෙක් හේතුව ඇයට සිහිපත් වූ අතර රැකියාවක් ඉල්ලීමට මෙය හොඳ අවස්ථාවක් දැයි කල්පනා කළාය. ඇය මනස සොලවා "එයාලා මෙතන වැඩ කරන්න කවුරුවත් හොයනවද කියලා ඔයා දන්නවද?", කියා ඇසුවාය.
තම දෙතොල පුරා පැතිරී යන මද සිනහව පාලනය කිරීමට ඩෙවෝන්ට නොහැකි විය. ඇය තුළ ඇති ගින්න මෙල්ල කිරීමට ඔහුට හැකි වන පරිදි ටික වේලාවක් ඇයව ඔහු සමඟ එම කූඩුව තුළට ගෙන යාමට ඔහු ඕනෙම දෙයක් දීමට සූදානම්ව සිටියේය. "ඔයා නටනවාද?" ඔහු බලාපොරොත්තු සහගතව විමසීය.
ඔහු කූඩුවේ සිටිමින් තමා දෙස බලා සිටි ආකාරය මතක්වූ එන්වීගේ දෑස් විශාල වූ අතර ඇගේ කලවා ගිනිගෙන දැවෙන්නාක් මෙන් දැනුණි ... නමුත් කනගාටුවට කරුණ නම් ඇගේ කම්මුල්ද රතු වීමයි. “නැහැ,” ඇය මදක් කලබලයෙන් කීවාය. “නටන්නේ නැහැ, මම මේ පැත්තේ වෙනත් සමාජ ශාලා වල බාර් එක බලා ගන්නවා. ඉතින් මම මෙහේ ඉන්න වෙලාවේ මට අයදුම්පතක් ඉදිරිපත් කරන්නයි හිතුවේ.”
"අපරාදේ"