හැරවුම් ලක්ෂ්‍යය. Ashok Kumawat. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Ashok Kumawat
Издательство: Tektime S.r.l.s.
Серия:
Жанр произведения: Личностный рост
Год издания: 0
isbn: 9788835426967
Скачать книгу
අධිෂ්ඨාන ශක්තිය මෙතරම් වැදගත් වන්නේ ඇයි?

      මම ඔබට උදාහරණයක් දෙන්නම්. මගේ මිතුර! කුඩා කුහුඹුවන් තමන්ගේ ප්‍රමාණයට වඩා කිහිප ගුණයකින් විශාල තිරිඟු ආදී ධාන්‍ය රැගෙන යන ආකාරය ඔබ දැක තිබේද? එම කුඩා කුහුඹුවා තමන්ගේ බරටත් වඩා විශාල ධාන්‍ය ඇටයක් රැගෙන යන්නේ කෙසේද?

      අධිෂ්ඨාන ශක්තියේ බලය මෙයයි. ඔබ මෙය තේරුම් ගන්නේ නම්, ඔබට පහසුවෙන්ම විශාලතම කාර්යයන් පවා කළ හැකිය.

      අධිෂ්ඨාන ශක්තිය = අධිෂ්ඨානය + ශක්තිය

      මෙයින් අදහස් කරන්නේ ඔබේ ආශාව තුළ කොපමණ ශක්තියක් තිබේද යන්න මත පදනම්ව ඔබට සාර්ථකත්වය ලබා ගැනීමට අවස්ථාවක් ඇති බවයි.

      නමුත් අධිෂ්ඨාන ශක්තිය වැඩි කරන්නේ කෙසේද?

      එය ඉතා සරලයි - ඔබට ලබා ගැනීමට අවශ්‍ය ඕනෑම දෙයක්… එම ආශාව තව තවත් ශක්තිමත් කරගන්න. මාව විශ්වාස කරන්න මිතුර! ඔබට මෙය කරන්න පුළුවන්.

      7 වන පරිච්ඡේදය

      ඔබගේ දෛනික කාර්යයන් බෙදන්න

      ඔබගේ වැදගත් වැඩ ඔබ කරන්නේ දවසේ කුමන වේලාවේද? ඔබ ඒවා කරන්නේ උදය කාලයේදීද? ඒවා කරන්නේ දිවා කාලයේදීද? නැතහොත් ඔබ ඒවා සවස් වරුවේ කරනවාද?

      දවස තුල ඔබ වඩාත් ක්‍රියාකාරී වන්නේ කුමන වේලාවන්හිදී ද කියා මට කියන්න?

      ඔබ නින්දෙන් අවදි වන විට, එනම් උදය කාලයේදී.

      එමනිසා, ඔබේ වැදගත් වැඩ සියල්ලම ඔබ කලයුතු වන්නේ උදය කාලයේදීය. උදෑසන ඔබේ මොළය ඉතා ක්‍රියාකාරී වේ. මෙම අවස්ථාවේදී, ඔබට ඉගෙන ගැනීමට අවශ්‍ය ඕනෑම දෙයක්, ඔබට පහසුවෙන්ම ඉගෙනගත හැකිය.

      ඔබ නින්දෙන් අවදි වන විට ඔබට ඉතා නැවුම් බවක් දැනේ. මෙම අවස්ථාවේදී, අනවශ්‍ය සිතුවිලි ඔබගේ මනසට නොඑයි. එමනිසා, ඔබේ වැදගත්ම කාර්යයන් කිරීමට මෙම කාලය තෝරාගන්න.

      ඔබගේ දෛනිකකාර්යයන් දවසේ කොටස් 3 කට බෙදන්න -

      (1). අතිශයින් වැදගත් වැඩ

      (2). තරමක් අඩු වැදගත්කමක් ඇති වැඩ

      (3). ඉතා අඩු වැදගත්කමක් ඇති වැඩ

      (4). විනෝදාශ්වාද කාර්යයන්

      (1). දවසේ පළමු කොටසේ වඩාත්ම වැදගත් කාර්යයන් කරන්න. මේ අවස්ථාවේදී එම කාර්යයන් හැර වෙන කිසිවක් ගැන