“ඔව්, හරි, සමහරවිට ඔයා හරි. ළමයි කොහෙද කියලා ඔයා මට කිව්වේ නැහැනේ.”
“මට ඇත්තෙන්ම විශ්වාස නෑ, මම හිතුවා ඔයාල මේ වන විට නැවත ඇවිත් ඇති කියලා … සති අන්තයේ තියෙන උපන්දින සාදයක් ගැන හෝ වෙනත් දෙයක් ගැන බලන්න එයාලා එකට ගියා.”
ලී වරුන්ට දරුවන් දෙදෙනෙකු සිටි අතර, එක් අයෙකු පිරිමි දරුවෙකුත් අනිකා ගැහැණු දරුවෙකුත් වූ අතර, ඔවුන්ගේ පිරිමි දරුවා පිළිසිඳ ගැනීමට පෙර ඔවුන් වසර දහයක් තිස්සේ දරුවකු ලැබීමට උත්සාහ කළ බැවින් දරුවන් නිසා තමන් වාසනාවන්තයින් ලෙස ඔවුන් සිතනු ලැබුහ. දරුවන් දෙදෙනාට දැන් වයස අවුරුදු විස්සක් සහ දාසයක් වන අතර නැවත දරුවන් වැදීමට ලී මහතා සහ මහත්මිය තව දුරටත් බලාපොරොත්තු වුවේ නැත.
ඒ සම්බන්ධව උත්සහා කිරීම්ද ඔවුන් බොහෝ කලකට නතර කර තිබුණි.
කෙසේ වෙතත්, ඔවුන් හොඳ, ගෞරවනීය හා කීකරු දරුවන් වූ අතර ඔවුන් තම දෙමාපියන්ට ආඩම්බරයක් විය, හෝ අවම වශයෙන්, ඔවුන්ගේ දෙමව්පියන් ඔවුන් ගැන දන්නා දේ ඔවුන් ආඩම්බරයට පත් කළේය, මන්ද ඔවුන් වෙනත් ඕනෑම යහපත් දරුවන් හා සමාන වූ බැවිනි: සියයට අනූවක් හොඳයි, නමුත් අකටයුතුකම් වෙතද නැඹුරු වියහැකි, තවද ඔවුන්ගේ දෙමව්පියන් අනුමත නොකරන බව දන්නා රහසිගත සිතුවිලි ද ඔවුනට තිබුණි.
මාස්ටර් ලී, පුතා, ඩෙන් නොහොත් යං ලීට වයස අවුරුදු විස්සක් වූ අතර ඔහු පාසැල් ජීවිතය නිමා කොට වසර දෙකකට ආසන්නය. ඔහු, ඔහුගේ සහෝදරිය මෙන් ප්‍රීතිමත් ළමා වියක් ගත කළ නමුත්, ඔහුගේ පියා ඔහු වෙනුවෙන් ඉතා දුෂ්කර ජීවිතයක් සැලසුම් කර ඇති බව ඔහුට වැටහෙන්නට පටන් ගත්තේය. කෙසේ වෙතත් ඔහු පාසලට