“ඔව්, අම්මේ, මට දෙසැරයක් ඒ ගැන කියන්න ඕනේ නැහැ, නමුත් එයා මෙහි ආවොත් අපි මොකද කරන්නේ?”
“මම හිතන්නේ නැහැ එයා එහෙම එයි කියලා… මම ඇඳෙන් නැගිටින කොට එයා හොඳටම නිදි, නමුත් වැඩි වේලාවක් යන්නේ නැතුව අපි එනවා. එයා නැගිටිනවා නම්, එයාට සුබ උදෑසනක් කියලා ඔයාලව සිප ගන්න ඉඩ දෙන්න එපා.”
මිනිත්තු දහයකට පසු වැන් ඩා සමග ආපසු පැමිණියාය. ඩා ඇයගේ මේසයේ වාඩි වී සිටියේ හෙන්ග්ගේ නිවසේ කෙනෙකුගේ පැමිණීම අනිවාර්යෙන් බලාපොරොත්තු වෙමින්ය. ඔවුන් ආපසු පැමිනෙන විට, හෙන්ග් පහළට පැමිණ නොතිබුන අතර, ඩින් කිරි එකතු කර අවසන් කොටත් ඩෙන් රුධිරය සූදානම් කරගෙනද සිටියෝය.
“හොඳයි,” ඩා පැවසුවාය, “මම කියන්නේ එළු කිරි හා ලේ 50-50 ප්‍රමාණයකට, බැසිල් තේ හැන්දක්, කොත්තමල්ලි භාගයක් සහ මෙන්න මේකත් එකතු කරලා දෙන්න කියලයි. ඒක හොඳට කලවම් කරන්න. එයාට මේකෙන් උදේට ලීටර් භාගයක් දෙන්න, ඇඳට යන්න පෙරත් ඒ විදිහටම දෙන්න. දැනට ඒක ඇතිවෙයි. ඔහ්, එයාට කොයි වෙලාවකවත් සුදුළූණු දෙන්න එපා, එය වැම්පයර්වරුන්ට ඉතා නරකයි! අපි දැන් ගිහින් එයාව බලමු.”
“අපි උඩට යන්න ඉස්සෙල්ලා, නැන්දා ඩා, මම ඔයාට කියන්න ඕනේ, ඊයේ රෑ වැඩි කාලයක් එයා ගත කළේ ඇඳේ කෙළින් ඉඳගෙන, සුදුමැලි සමක් එක්ක දීප්තිමත්ව දිලිසෙන රතු ඉංගිරියාවක් තියන රෝස පැහැති ඇස් එක්ක. ඔහ්, එයා අපට කතා කරපුවාම! ඔහ්, මගේ බුදුන්! මම කවදාවත් ඒ වගේ දෙයක් අහලා නැහැ. එයා කියුවේ ‘පවුලේ සැමට, සුබ සන්ධ්‍යාවක්’ එතරම් අමුතු, ගැඹුරු කටහඬකින් … එය ඇත්තටම බයානකයි.”
“ඒකට කමක් නෑ දැන් … අපි ගිහින් එයාව බලමු.”
ඔවුන් කිරි සහ රුධීර මිශ්‍රණය සමඟ උඩුමහලට ගොස් කාමරයට ඇතුළු වූහ. සියලුම ජනේල වසා තිබූ බැවින් ඇතුළත අඳුරු විය. වැන් යළිත් පිටතට ගොස්, ඉටිපන්දමක් ගෙන, නූලකින්